ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් දින 2 ක් පුරා පැවැති තැපැල් වැඩවර්ජනයට නිසි විසඳුම් නොලැබූ නිසා මේ මස 26 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කරයි.
14 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට ආරම්භ කළ තැපැල් වැඩවර්ජනය අද (14දා) රාත්‍රී 12.00 ට අවසන් කරන බවද එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීම් පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස සමග පැවැති සාකච්ඡාවලදී අදාළ ගැටලු විසඳන ආකාරය සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබුණ බවද කැඳවුම්කරු පවසා සිටියේය.