ත්‍රස්තවාදය වැළැක්විමෙ පනත වහාම අහෝසිකරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළැඹෙන 25දා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කොට ඇත.
මේ සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 07 ක් හර්තාලය වෙනුවෙන් සහාය ලබාදෙන අතරම උතුරු නැගෙනහිර රදගුරුවරුන් ඇතුලු ආගමික නායකයින්ද මේ සඳහා සහාය ලබාදීමට තීරණය කොට ඇත.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු බවත් දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු අතරම , උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, නැවත පදිංචි කිරීමේ ගැටලු ආදීය වෙනුවෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම මත වත්මන් රජය වහාම ඒ වෙනුවෙන් විසඳමක් ලබාදිය යුතු බවට හර්තාලයයේ පධාන අරමුණ බවට දෙමළ ජාතික සන්ධානය වසින් පෙන්වා දෙයි.
එමෙන්ම මේ සඳහා උතුරු නැගෙනහිර ප්‍රවාහන සංගම් නියෝජිතයින්, වෙළඳ සංගම් නියෝජිතයින්ද සහය ලබාදෙනු ඇති බවට විශ්වාශය පලකරන අතරම උතුරු නැගෙනහිර ජනතාවගේ නිදහසේ ජීවිත්වීමේ අයිතිය වෙනුවෙන් රජයට මෙලෙසින් බලපෑමි සිදුකරන බවටද උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.