(UPDATE) ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකානු යුද නෞකාවක් හා වෙළෙඳ නෞකාවක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරේදී අතුරුදන් වූ ඇමෙරිකානු සෙබළුන් 07 දෙනාගේ මළ සිරුරු හමුවූ බව ඇමෙරිකානු නාවික හමුදාව සහ ජපාන මාධ්‍ය පවසයි.
ඇමෙරිකානු නාවික සෙබළු 7ක් අතුරුදන්
ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකානු යුද නෞකාවක් සහ වෙළෙඳ නෞකාවක් එකිනෙක ගැටීමෙන් ඇමෙරිකානු නාවික සෙබළුන් 07 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම අනතුරින් නාවික සෙබළුන් පිරිසක් තුවාල ලබාද ඇති අතර, එසේ තුවාල ලැබූවන් අතර, USS Fitzgerald යුද නෞකාවේ අණදෙන නිලධාරයාද සිටින බව කියයි. ඔහු ගුවන් මගින් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
අද (17දා) අලුයම 2.30 ට පමණ, යොකොසුකා නගරයට කිලෝ මීටර් 100ක් පමණ නිරිත දිගින් මුහුදේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඇමෙරිකානු යුද නෞකාව සමග ගැටී ඇත්තේ ACX Crystal නමැති කන්ටේනර් ප්‍රවාහන වෙළෙඳ නෞකාවකි.
මෙම අනතුරින් ඇමෙරිකානු යුද නෞකාවට දැඩි හානි සිදුව ඇති ආකාරය ගුවන් මගින් ලබාගත් ඡායාරූපවල දැකිය හැකිය.
නෞකාවේ අණදෙන නිලධාරියා සමග තවත් තුවාල ලැබූ නාවිකයන් දෙදෙනෙකුද ගුවනින් රෝහල් කරා ගෙනගොස් තිබේ.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නැවක් හා වෙළඳ නෞකාවක් ජපාන මුහුදේදී ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඇමෙරිකානු නාවික හමුදා භටයින් 7 දෙනෙකු අතුරුදන්ව තිබේ.
සිද්ධියෙන් නාවික හමුදා නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ජපාන නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරත් සමග නාවික හමුදා නැවට ජලය කාන්දු වන බවත් ඒවා ඉවත් කිරිමට නෞකා කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඇමෙරිකානු නාවික හමුදාව සඳහන් කරයි.
කෙසේ වෙතත් නැව ගිලීමේ අනතුරකට පත්ව නොමැති බවත් ඇමෙරිකානු නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් ඉවත් කිරීමට ජපාන වෙරළාරක්ෂක බළකායට අයත් හෙලිකොප්ටර් යානාවක් උපකාර කර තිබේ.