අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ශ්රාවස්තිපුර ප්රදේශයේදී අද (12 දා) අලුයම මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක වන අලියෙකු ගැටීමෙන් එම රථය පැදවූ කාන්තාව සුළු තුවාල ලබා ඇතැයි තලාව පොලීසිය පවසයි.
ගල්නෑව ප්රදේශය් විදුහලක ගුරුවරියක් මෙම සිද්ධියට මුහුණදී තිබේ.
ඇය අනුරාධපුරයේ සිට ගල්නෑව ප්රදේශයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවපොලීසිය පවසයි. අනතුරට පත් ගුරුවරිය ගැබිනියක බවත් සිද්ධිය වන අවස්ථාවේ ඇයගේ තුන් හැවිරිදි දරුවා ද මෝටර් රථයේ සිට ඇති බවත් පොලීසිය පවසයි.
එම අනතුරින් දරුවාට කිසිදු හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයට බරපතළ හානි සිදු වී ඇති බවද පොලීසිය පවසයි.
තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.