පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා මඩකලපුව දක්වා නොගැඹුරු මුහුදු කලාපවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.
අද (22දා) සිට 24 වන දින දක්වා කාලය තුළ කුඩා යාත්‍රා මගින් ධීවර කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට මුහුදු යාමෙන් වැළකී සිටින්නැයි එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මෙම මුහුදු කලාපවල රළ මිටර් 2.5 -3ත් දක්වා ප්‍රමාණයකට ඉහළ යා හැකි බවත්, මෙය සුනාමි තත්ත්වයක් නොවන බවද පවසා සිටියේය.
එමෙන්ම සෑමවිටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියි.