සිය රූමත් පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සුරතල් මසුන් හලෙවි කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ එම් අයේෂා ලක්මිණි 26 තරුණියයි.
ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග එල් එස් වත්ත නිවසක කොටසකට කුලී පදනම මත මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඔහු තරුණියගේ නිවසට පැමිණි අවස්ථාවලදී තරුණියගේ මවද ඉක්මනින් තරුණයා පිටත්කර හරින ලෙස තරුණියව නිවස තුළ කතාකර පවසන අයුරු තරුණයාට ඇසී ඇති බවද ඔහු පොලිසියට කරන ලද ප්‍රකාශ වල සඳහන් වන බව පොලිසිය කියයි.
අද (7) දින ද සැකකාර පෙම්වතා සිය යතුරුපැදියෙන් පෙම්වතිය හමුවීම සඳහා නිවසට පැමිණ මද වේලාවක් කතාබස් කරමින් සිට පිටවී ගොස් මඳ වේලාවකදී නිවසට පැමිණ අනතුරුව ඇතිවූ බයින් බස් වීමකින් අනතුරුව සඟවාගෙන සිටි උල් පිහියෙන් ඇයගේ පපු පෙදෙසට ,හිසට,යටි බඩ පෙදෙසට, අතට ආදී හය පොළකට ඇණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙම්වතාගේ පීහි ප්‍රහාරය අතරතුර නිවසින් එළියට පලා ආ තරුණිය අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා යැයි කෑ ගසා හඬා වැටෙමින් නිවස ඉදිරිපිට ලේ විලක් මැද ඇද වැටීමත් සමගම එම ශබ්දය ඇසී එම ස්ථානයට දිවා නිවෙස් හිමි කාන්තාව වහා දිව ගොස් යාබද නිවසක තීරෝද රථයක් ගෙන්වාගෙන තරුණිය රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
ඒ අතරතුර සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉනේ ගසාගෙන යතුරුපැදියේ නැගී පලායාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් විසින් ඔහු අල්ලාගෙන ඒ බව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී ඔහු පොලිසිය වෙත භාරදී ඇත.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් පිහිය මිලදීගෙන ඇත්තේ බට කැත්තර ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රෝහල් ගත කළ තරුණිය රෝහල් ගත කරන කොටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.සිද්ධි වූ ස්ථානයට ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
