24 දා පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි
09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනපතිවරයා විසින් පෙබරවාරි 07 දා යළිත් පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
මේ මාසයේදී පාර්ලිමේන්තුව එළැඹෙන 23 හා 24දා රැස්වීමට නියමිතව තිබේ. 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතව තිබේ.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්ය.
පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරුණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

