ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳව අවසන් එකඟතාවයකට ඉදිරි දින කිහිපයේදී පැමිණීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා (25දා) සිය පස්දින ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එහිදී මෙම ගිවිසුම් සම්බනධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන හමුවේදී ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරිමට අදාළ ගිවිසුමේ අවසන් සැකැස්ම පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නියමිතය.
එසේම මෙම සාකච්ඡාවලදී ත්‍රිකුණාමලයේ එල්.එන්.ජී. පර්යන්තය ( Liquefied Natural Gas terminal) ජපානය හා ඉන්දියාව සහයෝගයෙන් සංවර්ධයන පිළිබඳව ශ්‍රී ලංකාවේ යෝජනාවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනා දෙක සම්බන්ධයෙන් වෙන ගිවිසුම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදි අත්සන් කිරීමට නියමිතය. එක්සත් ජාතිනීගේ වෙසක් දින උළෙලට එක්වීම සඳහා මැයි මාසයේදි නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැත්වෙන හමුවේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරිමට නියමිතය.එහිදී ගිවිසුවේ කටයුතු වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා එය චීනයට ලබාදීමට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වීමත් සමගින් ඉන්දියාව හා චීනය අතර පවතින සමබඳතා සමබර කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ඉන්දියාවට බාර දිමට නියමිතය.