රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජය පෙරළා දැමීමට උත්සාහ කරන බවත් ඊට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවයට ඊයේ (10දා) අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති වැඩවර්ජනවලට කැමැතියි. වැඩවර්ජන පවත්වලා සාර්ථකයි කියනවා. මිනිස් ජීවිත සමගයි ඔවුන් සෙල්ලං කරන්නේ. එය තමයි සාර්ථකත්වය.
ප්‍රශ්ණ ඇති වුණත් මේ රජය කාටවත් හොලවන්නත් බැහැ. වෘත්තීය සමිති කරන නොසන්ඩාල වැඩ ගැන රජය දැඩි තීන්දු තීරණ ගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබමින් වෛද්‍ය වෘත්තීයට ගොස් සිදු කරන ඇතැම් ක්‍රියා උචිත නැහැ.
වෛද්‍යවරු හැදෙන්නේ නැතිව අනික් සෞඛ්‍ය සේවකයින් හදන්න බැහැ. වෛද්‍යවරු ඉන්නේ 19 වන ශතවර්ෂයේ. වෛද්‍ය හොරු සාකචිඡාවට කැමැති නැහැ. හෙද ගැටළු පිළිබදව අපි රාත්‍රී කාලයෙත් සාකචිඡා පැවැත්වූවා
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමග පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් ප්‍රකාශ කර තිබෙනවා වසර 03 කින් ආණ්ඩුව පෙරළනවා. එවිට ඔබ ගැන බලාගන්නම් කියලා.
යහපාලන රජය බණ්ඩාරනායක රජය වගේ ගුටිකෑමට සුදානම් නැහැ. මනුස්සකම දුර්වලකමක් ලෙස සිතන්න එපා”