මාතර - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන මාතර වේරදූව වැඩපෙළෙහි සේවයේ නියතු චීන ජාතිකයෙකුට මෙරට පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, තුවාල ලැබූ චීන ජාතිකයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මාතර පොලීසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, ස්රේන් සෙයි (අවු.31) නමැත්තෙකි. මාතර, වේරදුව ප්රදේශයේ පිහිටි වැඩපළට ඊයේ (08දා) පුද්ගලයන් තිදෙනෙකු පැමිණ භාණ්ඩ සොරකම් කිරීමට තැත්කළ අවස්ථාවේදී ඔවුන් අල්ලා ගැනීමට ගිය චීන ජාතිකයාට එම පිරිස තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ බව පැවසෙන මාතර, තලල්ල ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් දෙදෙනා සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.