2025.08.17 වන දින රාත්රී කාලයේ ඕමන්ත පොලිස් වසමේ මහනුවර යාපනය ඒ9 මාර්ගයේ ඕමන්ත ප්රදේශයේදී වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කල කාන්තාවන් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු හා ළමුන් 05 දෙනෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 38 ක් හා මරණකාරිය වයස අවුරුදු 29 ක් වූ ධර්මපුරම්, කිළිනොච්චිය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මෘත ශරීර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.