225න් 224ක්ම ආබාධිත නැති නිසා වැඩක් කර ගන්න බෑ
"අපේ නියෝජිතයෙක් පාර්ලිමේන්තු ගියත් යම් දෙයක් කරගැනිමට අපහසු වන්නේ අනික් 224 ම ආබාධිත පුද්ගලයින් නොවන නිසා" බව ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා පැවසිය.
අඩුම ගානේ පොලිමක් නැතිව ආබාධිත දීමනාව ලබා ගැනීම සදහා ආබාධිත ප්‍රජාවට මග පෑදීම සම්බන්ධව වර්ථමාන රජයට ස්තුතිය පුද කරනු ලබන බවද ලේකම්වරයා එහිදි කිය.
ප්‍රසන්න වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ අද (25 ) හැපාන විහාරවාසි තොටදෙණියේ නාරද හිමියන් විසින් සංවිධානය කළ විශේෂ අවශ්‍යතා ඇති පුදගලයින් 100 දෙනෙකුට සිල් සමාදන් කරවා වියලි සලාක ලබා දිමේ වැඩ සටහනේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
ආබාධිත පුද්ගලයින් යනු දරිද්‍රතාවයේ ඉමට පහළින් සිටන කොටසක් බවත් මේ පුද්ගලයින් සදහා ලැබිය යුතු සමාජයීය දේශපාලනික අධ්‍යපන වටාපිටාව ලෝකයේ දියුණවට සමානව නොලැබෙන බව තේරුම්ගත යුතු බවද ප්‍රසන්න වික්‍රමසිංහ මහතා එහිදි කිය.
"කාලයක් අපි කල්පනා කලා අපේම නියෝජිතයෙක් පාර්ලිමේන්තු යවාගත්තනම් අපේ ප්‍රශ්න අපට විසදගන්න පුලුවන් වෙයි කියල. ඒ හින්ද අපි අත් දෙක උස්සල උඩ පැන පැන අත්පොඩි ගැහුව අපේ නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට ගියා. අපි ආඩම්බරෙන් පෙරහැර ගියා අපි හුරේ දැම්ම ඒ නියෝජිතයාට අපි අත් දෙක උස්සල ආශිර්වාද කලා.
හැබැයි කවුරු හරි හිතනවනම් ඒ ගියාම මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියල ඒ එකෙක් විතරයි අනික් 224 දෙනාම ආබාධිත නොවන මිනිස්සු ඒ 224 දෙනාම කාන්දු කරන්න ගියාම ඒ පුදුගලයාගේ විශේෂ දක්ෂකමක් ප්‍රදර්ශනය කරන්න ඕන මේ ප්‍රථිපත්ති වලට මේව ඇතුල් කරන්න දේශාපාලන ක්‍රියාවලිය තුල විශේෂ අරගලයක් කරන්නට වනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

