පුද්ගලයන් 224ක් සමග රුසියානු කේ.ජී.එල්.9268 දරණ යානය ඊජිප්තුවේදී අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊජිප්තුවේ සිනායි ප්‍රදේශයට කඩා වැටී ඇති යානයේ ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එයාර්බස් ඒ 321 වර්ගයේ යානය ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.
කයිරෝ වේලාවෙන් අලුයම 5.51 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගුවන්ගත වී විනාඩි 23කින් පමණ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව ඊජිප්තු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි.
මෙම අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී අඩි 31,000ක් ඉහළ අහසේ යානය ගමන් කරමින් තිබී ඇත.