මෙම සතියේ විවාදයට ගැනීමට තිබූ 22 වැනි ආණ්ඩුක්රව ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය අද (06දා) සහ හෙට (07දා) දිනයේදී මීට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ අදහස් සමග පසුව පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදය කල් දැමීමට තීරණය කෙරිණි.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදය පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළහ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධාය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ගේන්නේ නැද්ද?
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පසුබිමක් හා වර්තමානයක් තිබෙනවා. 22 පාර්ලිමේන්තුය ඉදිරිපත් කිරීම රජය මගින් ඉදිරිපත් වුණා. කිරිඇල්ල විපක්ෂයේ සංවිධායකතුමා ඊයේ සවස කිව්වා 22වැනි සංශෝධනයට සහයෝගය දීම අපහසුයි කියලා. ඒ නිසා වඩා හොඳයි එකතුවෙලා සාකච්ඡා කරලා මේ කාරණාව පුලුවන් තරම් දුරට එකඟතාවයකට පත්වී සාර්ථකත්වයට පත්කර ගැනීමේ උත්සාහයට කථානායකතුමත් මැදිහත්වී සාකච්ඡාවක් පවත්වන්නේ නම්.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - කමිටු අවස්ථාවේදී අවලංගු වී තිබෙන ද්විත්ව පුරවැසි භාවය නැවත ගෙන එන්න කටයුතු කරනවාද? වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරවන්න තිබෙන අයිතිය අවුරැදු හතර හමාරක් දක්වා වැඩි කරනවාද? ඒවට අපිය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සාධනීය පිළිතුරැ ලැබුණේ නෑ. ඒ වගේම මේ 22 තුළ මේ තියෙන ආකාරයෙන් අපිට එකඟවිය නොහැකි කරැණු පිළිබඳවත් අපි ඉදිරිපත් කළා. ඒ නිසා කරැණාකරලා මෙතන පෙන්වන්න හදන්න එපා විපක්ෂය විරැද්ධ වුණු නිසා මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. හිතලා බන්න ඔබතුමන්ලාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මේ ගැන එකඟතාවයක් තිබෙනවාද කියලා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ - ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරලා තිබෙනවා ජනමත විචාරණයට යන්නේ නැතිව තුනෙන් දෙකක බලයෙන් මේක සම්මත කර ගන්නවා නම් කළ යුතු සංශෝධන 05ක්. ඒ සංශෝධව 05 අපි ගේනවා.