22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10දා) ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය සතියේදී හිමිවූ අතර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණේ ඒ අනුවය.
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කර ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මෙන්ම ඉහළ අධිකරණ හා රජයේ තනතුරු වලට පත් කිරීම යනාදිය ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය අනුව කිරීමට නොහැකි වන අයුරින් සාමූහික කණ්ඩායම්වලට එම බලය පවරාදීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ හරය බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවටවූ සංශෝධනයක්ද මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් වේ.
අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ බලතලද මෙම සංශෝධනය මගින් සීමා කර තිබේ.
තවද අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීමට 22වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලැබ ඇත.