22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ පද්ධතියේ පුළුල් ප්රතිසංස්කරණයක් සිදු කිරීමේ අරමුණින් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් රැසක් ඉදිරිපත් වී ඇති බවත්, එම සියලු කරුණු සලකා බලා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ විවාදයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ් අනුව සාකච්ඡාවට ලක්විය යුත්තේ අධිකරණ පද්ධතියේ ප්රතිසංස්කරණයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව සහ වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතුද නැද්ද යන්න පිළිබඳව බවද අමාත්‍යවරයා පැවසීය.