22 හැවිරිදි විවාහක කාන්තාවට අතවර කළ සැමියාගේ ඥාති පුතා සොයා විමර්ශන
සමෘද්ධි වැඩ සටහනකට සහභාගී වී නිවසට පැමිණි 22 හැවැරදි විවාහක කාන්තාවකගේ එම නිවසට පැන ඇයට අතවර කළ සැමියාගේ ඥාති පුතෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව එප්පාවල පොලිසිය පවසයි. මෙම සිදු වීම එප්පාවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවේ..
පැමිණිලිකාරියගේ සැමියාගේ වැඩි මහල් සහෝදරියගේ පුත්රයා විසින් මෙම ස්ත්රී දූෂනය සිදු කිරීමේ සිදුවීම සැමියාට පැවසීමෙන් අනතුරුව, තම ආත්ම ගෞරවය සහ සමාජයට මුහුණ දීමට නොහැකි වන නිසා පොලිසියට පැමිණිලි නොකර සිටීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
එහෙත් සැකකරු විසින් මෙම සිද්ධිය, දිගින් දිගටම ගමේ තැන් තැන් වල ප්රචාරය කරමින් හැසිරීම හේතුවෙන් පැමිණිලිකාරිය පසු ගිය 1දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බව පොලීසිය සඳහන් කළේය .
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
