හෝමාගම පොලිස් බළප්‍රදේශයේ අද අළුයම වයස අවුරුදු 22 ක තරුණියකෙ ගෙලකපා ඝාතනය කර ඇති බවත් , ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටීයදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටී අචිනි තුෂාරි නමැති 22 හැව්රිදි තරුණියක අද අළුයම හෝමාගම උසාවිය පාරේදී ගෙලකපා ඝාතනය කර ඇති බව වාර්තාවන බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
ප්‍රේම සම්බන්දයෙන් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකරු අද අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වේ.
සැකකරු පොලිසිය ආරක්ෂාව යටතේ කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .
පානදුර සුමිත් පොතුපිටිය