අතුරුදහන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වලක තිබියදි 3 දින රාත්‍රියෙ හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාරවිල කටුනේරීය ප්‍රදේශයෙ පදිංචි ටයර් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයකු වන 22 හැවිරිදි ශ්රීජීත් ජයෂාන් නැමති තරුණයකු බව කියයි.
මොහු පසුගිය 30 දින රාත්‍රියේ ඔහුට අයත් කැබ් රථයකින් යහළුවකු සමග පිටව ගොස් තිබුණද නැවත නොපැමිණ ඇති බවට පොලිසියට පැමිණිලි ලැබ තිබු අතර ඒ සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.
එසේ විමර්ශන ආරම්භ කර තිබියදී මෙසේ අතුරුදහන් වු කෝටිපති තරුණ ව්‍යාපාරිකයාට අයත් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කැබ් රථය වෙන්නප්පුව උල්හිටියාව කඩවත ප්‍රදේශයෙ සගවා තිබේන බවට 3 දින ලැබුන තොරතුරු මත පොලිස් කණ්ඩායම් ඒ පිළිබදව දැඩි අවධානමකින් සිට අදාල කැබ් රථය රැගෙන යාමට පැමිණි අතුරුදහන් වු ව්‍යාපාරිකයා සමග අවසන් වරට සිටි අයකු අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කටයුතු කර තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදි කෝටිපති ව්‍යාපාරිකයා තමන් හා තම මිතුරේකු සමග 30 දින මෙම සිරුර හමුවු වාහන සේදුම් මධ්‍යස්ථානයෙ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදි ඇතිවු බහින් බස් විමකින් පසු පිහියකින් ඇන මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර වාහන සේදුම් මධ්‍යස්ථානයෙ අප ජලය බැහැර කිරීමේ වලට දමා වැසු බව පාපොච්චාරණය කර තිබුනී.
එම පාපොච්චාරණට අනුව අදාල මත්පැන් සාදයට එක්වි මෙම ඝාතනයට හවුල් වි ඇති බව කියන මාරවිල හා උදාසිරිගම පදිංචි තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කටයුතු කර තිබුණි.
අත් අඩංගුවට ගැනුන සැකකරුවන් ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයාගේ යහළුවන් බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අදාල ඝාතනයට යොදා ගත් ලේ තැවරි තිබු පිහිය ද පොලිසිය අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනී.