රටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයට අනුව නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්රතිගාමී සංශෝධන වන බවත්, කෙසේ වෙතත් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය නව මානයකට ගෙන යන පියවරක් බවට විශ්වාස කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.
මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ ඇමතිට හෝ ආණ්ඩුවට අවශ්‍ය පරිදිම සකස් කළ සංශෝධනයක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයන් සියලු දෙනා සමග අපි සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න පුලුවන් කරැණු තමයි අපි මීට ඇතුලත් කරලා තිබෙන්නේ. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිබඳ අද අපිට ඓතිහාසික දිනයක්. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය අලුත් මානයකට ගෙන යන්න මේ අද තබන පියවර හේතුවෙනවා කියලා අපිට ලොකු විශ්වාසකයක් තිබෙනවා.
1978 ව්‍යවස්ථාව මේ වන විට 20 වතාවක් සංශෝධනය කරලා තිබෙනවා. මේ සංශෝධන සමහර ඒවා ප්රගතිශීලීයි. සමහර ඒවා ප්‍රතිගාමීයි. ප්‍රතිගාමීයි කියලා කියන්නේ ඇතැම් සංශෝධන මේකට එකතු වෙලා තිබෙන්නේ පෞද්ගලික අභිමතාර්තයන්, නැතිනම් පුද්ගලානු බද්ධව තමයි මේක කරලා තිබෙන්නේ. රටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයට අනුව නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිගාමීයි.