22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍ර යේ පළි කිරීමටත්, දින 7ක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදරිපත් කර ඇති බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් අනතුරුව එය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කරනු ඇති බවත් ඔහු පැවැසීය.
මෙම සංශෝධනය තුළ 19 වැනි සංශෝධනයේ සඳහන් අයහපත් කරුණු ඉවත් කර ඇති බවත් 20 වැනි සංශෝධනයේ ඇති යහපත් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවැසීය.