පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද, එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18දා) පෙත්සම් 9ක් ගොනු කර තිබේ.
වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, යන මහත්වරුන් ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා වේ.