22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සුළු බෙදීමක් පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා කිය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"22 ගැන සමාජයේ මොකක්වත් නෑ. නිකන් බොරුවක් පස්සේ ඔබතුමන්ලා විශාල බිල්ලෙක් මවලා තියෙනවා. ඔබතුමන්ලා බැලුවා
මෙකෙන් සමාජය පොඩ්ඩක් දෙකට බෙදෙනවා වගේ ඒකෙන් දේශපාලන වාසියක් ගන්න විපක්ෂය කටයුතු කිරිම අපිට පේනවා.
අපි ආණ්ඩුවක් ලෙස දෙකට බෙදිලා වැඩ කළේ නෑ මෙතෙක් කල්. මෙකෙන් තමයි චූටි හරි බෙදීමක් වුණේ. ඒක අපි දන්නවා. ඒක
නොදැන නෙමෙයි. අපිට ගණනයක් තිබෙනවා. "