21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ලබාගැනීම අපහසු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන සතියේදී කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ගන්නා බවත් ඔහු පැවැසීය. ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්විමේදීද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් එහිදී විවිධ මත ඉදිරිපත් වූ බවත් අමාත්‍යවරයා පැවැසීය.