දෙමළ ප්රගතිශීලී සන්ධානය ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි මැතිවරණ කොමිසම වෙත භාරදීම අද සිදු විය. එම සන්ධානයේ නායක,ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් ,අමාත්‍ය පලනි තිගාම්බරම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජ් යන මහත්වරුන් සහ එහි මහලේකම්,නියෝජ්‍ය මහලේකම් විසින් ඊට අදාළ ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීම සිදු කෙරිණි.
අමාත්‍ය මනෝ ගනේසන් මහතා නායකත්වය දරණ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ,අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නායකත්වය දරණ ජාතික කම්කරු පෙරමුණ සහ රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා නායකත්වය දරණ කඳුරට ජනතා පෙරමුණ එක්ව 2015 වසරේ දී දෙමළ ප්රගතිශීලී සන්ධානය පිහිටුවනු ලැබීය.