තමාට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන විනය පරීක්ෂණයට තව අවුරුදු තුනත් හතරක් ගතවනු ඇතැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර විනය පරීක්ෂණයට පෙනී සිටින්නැයි කැඳවූ අවස්ථාවලදී තමාගේ සහ නීතිඥයන්ගේ රාජකාරි කටයුතු නිසා එම අවස්ථාවලදී මුහුණ දීමට නොහැකි වූ බවත්, යළිත් වරක් අප්‍රේල් 01 වැනිදා පෙනී සිටින්නැයි පක්ෂය විසින් දන්වා එවා තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.