හබාරාදුව පොලීසිය විසින් දඩ පත්‍රිකා ලබාදීමට එරෙහිව උණවටුන සංචාරක කලායේ ත්‍රිරෝද රථ රියැදුරන් හා සංචාරක වෙළෙන්දෝ අද (19 දා) උදෑසන යද්දෙහිමුල්ල මංසන්ධිය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
යද්දෙහිමුල්ල මංසන්ධියේ සිට වැල්ලේ දේවාලය දක්වා ප්‍රදේශයේ ත්‍රිරෝද රථ නවතා තැබීම හබාරාදූව පොලීසිය විසින් තහනම් කළද එම තහනම නොතකා නතර කළ ත්‍රිරෝද රථ සඳහා දඩ පත්‍රිකා නිකුත් කිරීම විරෝධය පා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයයෙන් අඩාල විය.
අනතුරුව මෙම ස්ථානයට පැමිණි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට ප්රතිඥාදීමෙන් පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.