ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත හෙට (06) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරනුයේ පක්ෂ නායකයින්ගෙන් ලබාගත් අදහස් හා යෝජනා හෙට දිනයේදී දැනට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝදන පනත් කෙටුම්පතට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව අදාළ සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.
කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.