කොවිඩ් නිරෝධාන සංචරණ සීමාවන් එළඹෙන විසි එක් වෙනිදා ඉවත් වන්නේ නම් මගී ප්‍රවාහන වැඩසටහනට අනුව කාර්යාලය දුම්රිය ගමන්වාර එකසිය විසි අටක් සඳහා දුම්රියන් හැට හතරක් සුදානම් කොට ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
දුරගමන් සේවා වලින් බෙලිඅත්ත- කොළඹ,නුවර - කොළඹ,අවිස්සාවේල්ල -කොළඹ, මහව - කොළඹ, හලාවත - කොළඹ යන ආදී වශයෙන් දුම්රිය ගමන්වාර යොදවා ඇති බව සඳහන් කරන ඒ මහතා ඒ අතරතුර කෙටි ගම්න් වාරයන් ද සැලසුම් කර ඇති බව පැවසීය.
එමෙන්ම මගී පාලන සැලසුමට අනුව නුවර සිට පැමිණෙන දුම්රිය රඹුක්ක දක්වා සීමිත දුම්රිය ස්ථානයන් හි නවතාලමින් පැමිණෙන බව සඳහන් කරන ඒ මහතා රඹුක්කනින් පසු ඒය නොනවත්වා දෙමටගොඩ දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය.
ඒම ක්‍රමෙව්දය තුලින් අතරමැදි දුම්රිය ස්ථාන වලින් අනවශ්‍ය ලෙස මගීන් දුම්රියට ගොඩවීම වැලෙකනන බව ඒ මහතා පැවසීය.එමෙන්ම නුවර සිට පැමිණෙන දුම්රිය රඹුක්කනින් සීඝ්‍රගාමී වීමත් සමඟ මගහැරෙන මගින් ගේ ගමන් පහසුව සඳහා රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුතෙන් ආරම්භ වන දුම්රියක් යෙදවීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
එමෙන්ම මාතරින් පටන් ගන්නා දුම්රියක් ද ධාවනයට එක්තු කර ඇති අතර එය කළුතර දක්වා වූ දුම්රිය ස්ථානයන් හි නවත්වා කළුතරින් පසු සීග්‍රගාමී කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
ඒ ආකාරයට මාතර සිට පැමිණෙන දුම්රියට මගහැරෙන මගින් සඳහා කළුතර දුම්රිය ස්ථානයෙන් අලුතෙන් ආරම්භ වන දුම්රියක් යෙදවීමට සැලසුම් කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවත් නිරෝධාන සෞඛ්‍ය නීතියට අනුව දුම්රිය ධාවනය කිරීමට බලා බලාපොරොත්තු වන බව සඳහන් කළ ඒ මහතා මේ වන විට දුම්රියන් හි පවතින කාර්මික දෝෂ සහ වෙනත් ගැටලු සියල්ල නිරාකරණය කරමින් විසබීජහරණය ද සිදු කොට ඇති බව පැවසීය. දුම්රිය මගී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා