21 වැනි සංශෝධනය ගැන හෙට සාකච්ඡා අරඹනවා
අද දිනයේදී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සෞඛ්‍ය, ආහාර හා පොහොර වෙනුවෙන් ආධාර ලබාදෙන බව ඔවුන් පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද දිනයේදී පවත්වනු ලැබූ සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. එසේම ලංකාවේ ආර්ථික අංශය වෙනුවෙන් ඔවුන් ආධාර ලබාදීමට කටයුතු කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
එසේම මීට පෙර පැවැත්වූ සාකච්ඡා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගෙන යන බවත් ඉදිරියේදී බලශක්තිය හා ඉන්ධන වෙනුවෙන් කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මේ වන විට බැංකුවල ඩොලර් හිඟයක් පවතින හෙයින් වෙනත් මාර්ගවලින් මුදල් ලබා ගැනීමට කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
"හෙට දිනයේදී 21 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරනවා. ඉන් අනතුරුව කෙටුම්පත සකස් කරන්න පියවර ගන්නවා. පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අද රටේ තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳව හෙට දිනයේදී වාර්තා කරනවා."
popular news
-
anton Monday, 16 May 2022 03:22 AM
21 පස්සට කල් දාන්න, ඉක්මනින්ම 19 බලාත්මක කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

