21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ තමන් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
සමස්ත රටේම ජනතාව විසින් දෙන විධායක බලය අගමැතිට ලබාදීම ජනතාවගෙන් විමසා ලබානොදිය හැකි බවත් ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඔහු පැවැසීය.
එසේම 13 වැනි සංශෝධනය තිබෙන තාක් කල් විධායක ජනපතිධුරය අවශ්‍ය බවද ඔහු පැවැසීය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්වන වගන්තිවලට එකඟ විය හැකි බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.