පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වී ආණ්ඩුවේ නායකයාත් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති විය නොහැකි බවත් ජනාධිපති වීමට නොහැකි අයෙකුට අගමැති විය නොහැකි බවට නීති තර්කයක් ඉදිරිපත් වී තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති පදවියට පත්විය නොහැකි අයෙකුට අගමැති පදවියට පත්වීමට නොහැකි වී තිබෙන්නේ ජනාධිපති ධුරයේ යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැති නිසා බවද පවසා සිටියේය.
20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට අනුව අවස්ථා දෙකකදී ජනාධිපති ධුරය දැරූ කෙනෙකුට අගමැති වී ආණ්ඩුවේ නායකයා විය හැකි බවද සඳහන් කළේය.
කොළඹදී ඊයේ (13දා) රාත්‍රියේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක් වූ ඒ මහතාවැඩිදුරටත් පවසා සටියේ මෙම කෙටුම්පත සම්මත වූ පසු රනිල්ගේ ආණ්ඩුව මාස 07 කට කලින් ගෙදර යාමට සිදු වන බවයි.
එසේ තිබියදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රනිල්ගේ වැඩක් ලෙසට පෙන්නා දෙමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ කොන්ත්‍රාත් සිදුනොකරන බවත් තම දේශපාලන පක්ෂය කිසිවෙකුටත් නැටවිය නොහැකි බවද පවසා සිටියේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට තවදුරටත් ගමන් කළ නොහැකි බවත් එහෙත් ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත තුළින් රට ස්ථාවර වී ප්රජාතන්ත්රවාදය උදාවන බවද සඳහන් කළේය.
එහෙත් යම් යම් අයගේ ඔඩොක්කුවල සිටින පිරිස් මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා බවද සඳහන් කළේය.