විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 73 දෙනෙකු මේවනවිට ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනා, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන 16 කණ්ඩායම සහ ජාතික හෙළ උරුමය මේ සඳහා විරුද්ධවන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතු අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150දෙනෙකුගේ සහාය අවශ්‍යව පවතී. 20වැනි සංශෝධනය පරාජය කිරීමට නම් මන්ත්‍රීවරු 76දෙනෙකුගේ සහාය අවශ්‍යව පවතී.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් මන්ත්‍රීවරුන් 73 දෙනෙකු මේ සඳහා විරුද්ධත්වය දැනට ප්‍රකාශ කර ඇති අතර, ඉතිරි පාර්ශ්වයන් සිය මතය මේවනතුරු නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් පක්ෂ විසිවැනි සංශෝධනයේදී ගනු ලබන ස්ථාවරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබාදී නොමැති අතර, මේ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡාකර සිය පෙරමුණේ මතය ඉදිරියේදී ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසිවැනි සංශෝධනයට ඡන්දය ලබාදෙනවාද, නොදෙනවාද යන්න පිළිබඳ මෙතෙක් සාකච්ඡා කර නොමැති වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම පක්ෂයේ පොදු ස්ථාවරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට මීට පෙරදීම නිලවශයෙන් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා %අද^ පුවත්පතට පැවසීය.
එබැවින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය ක්‍රියාකරන්නේ පක්ෂයේ පොදු මතය අනුව යැයිද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් මහත්වරුන් නියෝජනය කරන දෙමළ ප්රගතිශීලී සන්ධානයද මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, ඉදිරියේදී සාකච්ඡා කර සිය මතය ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා 'අද'ට පැවසීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අමාත්‍ය රාවුෆ් හකීම් මහත්වරුන්ගේ පක්ෂද මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් එම පක්ෂ සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානය විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ස්ථාවරයකට පැමිණ නොමැති බවත්, එය ගැසට් කිරීමෙන් පසුව පක්ෂය සාකච්ඡා කර නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා 'අද'ට ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරති.
විසිවැනි සංශෝධනය සාර්ථක කරගැනීම සඳහා සිවිල් සංවිධානවල සහයෝගයද සහිතව ජනතාව දැනුවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති අතර, ඒ වෙනුවෙන් ඉදිරි දිනවලදීද මහජන දැනුවත් කිරීමේ හමු පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම්කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් ගැසට්කර නොමැත.
කෙසේ වෙතත් 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතු අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150දෙනෙකුගේ සහාය අවශ්‍යව පවතී. 20වැනි සංශෝධනය පරාජය කිරීමට නම් මන්ත්‍රීවරු 76දෙනෙකුගේ සහාය අවශ්‍යව පවතී.