2030 වන විට අපේක්ෂිත පුනර්ජනනීය බලශක්ත ඉලක්කය ඉක්මවා යා හැකියි
ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, ගෙවීගිය 2025 වසරේ සැලසුම් කළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙ.වොට් 1848ක් වු අතර, එය අභිබවමින් මෙ.වොට් 2695ක් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සමත් වී ඇති බව අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඉදිරි වසරවල ඉලක්කගත ධාරිතාවයන්ට වඩා ඉහළ ප්‍රමාණයක් දැනටමත් ගිවිසුම්ගතවී ඇති බවද අමාත්‍යාංශය පවසයි
2026 - පුරෝකථනය මෙ.වොට් 2078 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත කර ඇති ප්‍රමාණය මෙ.වොට් 3089.5කි.
2027 - පුරෝකථනය මෙ.වොට් 2563 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 3822.5කි.
2028 - පුරෝකථනය මෙ.වොට් 3253 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4332.5කි.
2029 - පුරෝකථනය මෙ.වොට් 3943 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4634.5කි.
ඒ අනුව, 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිබවමින් කටයුතු කළ හැකිවනු ඇතැයි අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
