2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
මේ අනුව දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡාවූ කලාපීය බලශක්ති ජාල ගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමක් සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ වියාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බව අමාත්‍යවරයා පවසයි.
ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවේය .
