එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මල්වතු මහා නා හිමියන්ට දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි .
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් අද (15) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය .
එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවත්ය . එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන කලකිරී ඇති මේ රටේ උගතුන් වියතුන් රට හැර යන තත්වයට පත්ව තිබෙන බවද පැවසීය .
බංකොලොත් භාවයට පත් වූ ඇතැම් රටවල් වසර දෙකක් තුනක් වැනි කාලයකදී නැවත යථා තත්වයට පත්වූ අවස්ථා තිබුනත් ඇතැම් රටවල් නැවත යථා තත්වයට පත්වීමට දශක ගණනාවක් ගත වූ බවත් එසේ කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට රටේ එකමුතු භාවයත් වැඩ කළ හැකි පළපුරුද්ද ඇති සබුද්ධික වෘත්තීයවේදීන් අතට මේ රට පත් විය යුතු බවද පැවසීය .
මෙරට රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවත් එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්වයක් ඉදිරියේ දී රජයට ඇති විය හැකි බව ද පැවසීය . එසේම මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ද රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවද පැවසීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට දී තිබෙන තිත්ත බෙහෙත් බිව්වද 2019 වසරේ තිබු තත්වයට මෙරට පත්වීමට 2028 දක්වා කාලයක් ගත විය හැකි බවත් එම කාලය තුළ මහා සංඝරත්නය ඇතුළු මෙරට ඉපදීමට සිටින දරුවන් පවා සෑම වසරකම රුපියල් 350,000 ක මුදලක් අහිමි කර ගන්නා බවද පැවසීය .
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එ් මහතා පවසා සිටියේ මෙරට මුහුදු තීරයේ නැව් ගිල්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා නොවන බවත් ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටි පිරිස වගකිව යුතු බවත්ය .
කටාර් රාජ්‍යය සහ ඉන්දියාව මෙම නැව ප්‍රතික්ෂේප කරද්දී එය අපගේ මුහුදු තීරයට ගෙන්වාගනු ලැබුයේ ඉහත පිරිස බව පැවසූ ඒ මහතා එම නැවෙන් වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ නඩු දැමීමෙන් දැන් පලක් නොවන බවද පැවසීය .
එ් සම්බන්ධයෙන් එංගලන්තයේ වන්දි නඩුවක් පවරා තීන්දුවක් දී තිබෙන බවත් අප එම නැව් සමාගමෙන් වන්දි වශයෙන් ඩොලර් මිලියන 6400 ක් ඉල්ලා සිටියත් එංගලන්තයේ පවරා ඇති වන්දි නඩුවෙන් ඒ සඳහා යෝජනා වී ඇත්තේ ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් බවද පැවසීය .