2026 වසරේදී හය වසරේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පාසල් වාර විභාග නොපවත්වන බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තිරණය ගත් බව ඔහු පැවැසීය.
පාසල් වාර විභාග නොපැවැත්වුවත් සිසුන් ඊළඟ වසරට උසස් කරන බවත් පාසල් වලට අවශ්‍ය නම් 11 වැනි ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ආදර්ශ විභාගයක් පැවැත්විය හැකි බවත් ඔහු පැවැසීය.