මෙරට වි නිෂ්පාදනය ඉකුත් වර්ෂයට සාපෙක්ෂව (2025) ෙමෙම වර්ෂයේදී (2026) වි මෙට්‍රික්ටොන් මිලියන 5.15 දක්වා සියයට 1.9කින් වැඩි වි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2025 වර්ෂයේ දි මෙරට වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 5.05කි.2025/2026 මහ කන්නයේ දි මෙරට වි නිෂ්පාදනය 2024/2025 මහ කන්නයට වි මෙට්‍රික්ටොන් මිලියන 3.13දක්වා සියයට 14.2කින් වැඩි වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.2024/2025 මහ කන්නයේ මෙරට වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 2.74කි.
කෙසේවුවද 2025 වර්ෂයේ යල කන්නයට සාපේක්ෂව 2026 වර්ෂයේ යල කන්නයේ දි වි නිෂ්පාදනය වි මොට්‍රික්ටොන් මිලියන 2.01 දක්වා සියයට 12.8කින් අඩුවි ඇත.2025 යල කන්නයේ දි වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 2.31 දක්වා වැඩි වි තිබුණි.