2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි.
ඒ අනුව, එසේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මාර්තු 18 දින දක්වා විදුලි පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන බවයි එම කොමිසම වැඩිදුරටත් දැනුම්දී ඇත. (I J)