2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19 කින් ඉහළට
2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රි ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 646කි.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ (2026) මුල් මාස හතර තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති අනුව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම, පුහුණු ශ්‍රමිකයින්ට නව රැකියා වෙළෙඳපොළ හදුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් හට සුභසාධන ප්රතිලාභ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රමවේදයන් හරහා ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදෙස් රැකියාවල නිරත වීමට පෙළඹේ.
ඒ අනුව 2026 මුල් මාස හතර තුළ විදේශ ගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954 ක් වන අතර එයින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගිය පිරිස වේ. එම පිරිස 17,012 ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. එමෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 8කට අධික වූ ශ්‍රී ලංකා ඉතිහාසගත වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වර්ෂය තුළ වාර්තාවීමද සුවිශේෂි කරුණක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
