2026දී ආර්ථිකයේ අවදානමක් ඇති වෙන්න ඉඩක් නෑ
ආපදා තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ අවසන් කාර්තුව තුල කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශය තුල යම් පසුබැමක් සිදුවුවද 2026 වර්ෂය තුල ආර්ථිකයේ අවදානම් තත්ත්වයක් ඇතිවිමට ඉඩක් නොමැති බැව් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාව දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
මෙම වර්ෂයේ මුල්කාර්තුවේ සියයට 4.7 ආර්ථික වර්ධනයක්, දෙවන කාර්තුවේ සියයට 4.9ක ආර්ථික වර්ධනයක් සහ තුන්වන කාර්තුවේ සියයට 5.8 ආර්ථික වර්ධනයක් ළගාකරගෙන ඇති බව සදහන් කළ මහාචාර්වරයා අවසන් කාර්තුවේ කෘෂිකර්ම, කාර්මන්තා හා සේවා යන අංශවල යම්පසුබැමක් ඇති වුවද එය සෘණ ආර්ථික වර්ධනයකට යාමේ හැකියාවක් නොමැති බවද හෙතෙම පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් මහාචාර්වරයා මෙසේද කිවේය.
සියයට තුනක හා හතරක ආර්ථික වර්ධනයකට යන්න පුළුවන් අනික් කාරණය තමයි .රජයේ ණය විශාල වැඩිවිමක් පෙන්නුම් කරන්නේ නැහැ.2024 අවසන් වනවිට රජයේ මුළු ණය රුපියල් බිලියන 28738යි.. මෙම වර්ෂයේ මුල්මාස හයට මුළු ණය රුපියල් බිලියන 29634 දක්වා වැඩිවෙලා තියෙනවා. රුපියල් බිලියන 896කින් තමයි ණය ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. මාසයකට ගතහොත් රුපියල් බිලියන 150කින් ණය වැඩිවෙලා තියෙන්නේ.
2024 වර්ෂයේ දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18309යි. 2025 වර්ෂයේ මුල්මාස හයට දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18806ක් පමණ වෙනවා. රුපියල් බිලියන 497කින් තමයි ණය වැඩිවෙලා තියෙන්නේ මාසයකට රුපියල් බිලියන 82කින් තමයි දේශිය ණය වැඩිවෙලා තියෙන්නේ. පොලි අනුපාතය පහළ මට්ටමක තියෙනවා සංචාරක ව්‍යාපාරය තුලින් මෙම වර්ෂයේ මුල් මාස 10ට ඩොලර් බිලියන 02කට වඩා වැඩිමුදලක් ලැබිලා තියෙනවා.
විදේශ ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.5ක මුදලක් ලැබි තියෙනවා එම නිසා 2026 වසර තුල ආර්ථිකය තුල අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ස්වාභාවික විපත්වලට මුහුණදිමේ ක්‍රම වේදයක් රජය මගින් ඇතිකළයුතු බවත් ඒ සදහා අවශ්‍ය පරිසරය රට තුල ගොඩනැංවිම රජයේ වගකිමක් බවද ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

