2025දී සහල් ආනයනය සියයට 40කින් වැඩි වෙලා
මෙරටට ඉකුත් වර්ෂයේ දි (2025) සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ අසුහතරදහස්, හත්සියපනහක් (184,750) ක් ආනයනය කොට ඇති අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 40.7ක වැඩිවිමක් බව මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් 2025 වර්ෂයට අදාළ නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ දි මෙරට සමස්ත සහල් ආනයනය සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස්එක්දහස්,තුන්සියතිස්අටකි. (131,338) එමෙන්ම 2025 වර්ෂයේ දි මෙරට මුළු වී නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් පනස්ලක්ෂ,පනස්තුන්දහස්,හයසියඅනුඅටක් දක්වා (5,053,698) සියයට 7.6කින් වර්ධනය වි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. මෙම තත්ත්වය හමුවේ වෙළදපොළ තුල සහල් මිලෙහි විශාල අඩුවිමක් දක්නට ඇති අතර වි අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දි රුපියල් මිලියන 19,633ක මුදලක් වැයකොට ගොවින්ගෙන් වි මෙට්‍රික්ටොන් 162,257ක් මිලදිගෙන ඇත.
රජය වසින් 2025 වර්ෂයේ දි කෘෂිකාර්මික අංශය සදහා දරණු ලැබු වියදම රුපියල් බිලියන 142ක් වන අතර 2024 සාපේක්ෂව එය සියයට 17ක වැඩිවිමක් බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

