2025දී ලංවිම අලාභය රු.බි. 38.7
ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දි (2025) රුපියල් බිලියන 38.7ක සමස්ත අලාභයක් වාර්තාකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මේ හේතුවෙන් 2024 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 174.3ක් වු විදුලිබල මණ්ඩලයේ කෙටිකාලින ණය සහ වගකිම් 2025 වසර අවසානය වනවිට රුපියල් බිලියන 206.2 දක්වා ඉහළගොස් තිබු බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. එමෙන්ම එම කාලසිමාව තුල විදුලිබල මණ්ඩලයේ දිගු කාලින වගකිම් රුපියල් බිලියන 409.0 සිට රුපියල් බිලියන 411.2 දක්වා ඉහළගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ දි අවස්ථා කිහිපයකදි විදුලි ගාස්තු අඩුකරණු ලැබු අතර 2025 වර්ෂයේ ජනවාරි මාසයේ දි විදුලි ගාස්තු තවදුරටත් සියයට 20කින් අඩුකරනු ලැබිය. මෙකි විදුලි ගාස්තු අඩුකිරිම සහ පළමු කාර්තුවේ දි සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණය හේතුවෙන් තාප විදුලිබල උත්පාදනය ඉහළගොස් තිබුණි. මේ නිසා තාප විදුලි උත්පාදන පිරිවැය ද ඉහළගොස් තිබුණි. මෙය 2025 වර්ෂයේ පළමු කාර්තුවේ දි ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ක්‍රියාකාරිත්වයට සැලකිය යුතු බලපැමක් එල්ලවු බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
එම නිසා 2025 වර්ෂයේ ජුනි මස විදුලි ගාස්තු සියයට 15කින් ඉහළ දමනු ලැබිය. මෙම ගාස්තු වැඩිකිරිම විදුලිබල මණ්ඩලය විසින් පළමු කාර්තුවේ දි ලැබු අලාභය පියවා ගැනිමට ප්‍රමාණවත් නොවිය. එම නිසා විදුලිබල මණ්ඩලයට 2025 වර්ෂය තුලදි රුපියල් බිලියන 38.7ක අලාභයක් දැරිමට සිදුවි තිබුණි. මේ අතර දෙවැනි කාර්තුවේ විදුලි සැපයුමේ පිරිවැය සහ ඉදිරි ආදායම් පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2026 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව තවදුරටත් සියයට 10.3කින් වැඩිකිරිමට කටයුතු කරණු ලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
