2025දී මන්ත්‍රීවරු 82ක් සමූහ රක්ෂණය අරගෙන
පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 82 නෙකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09ක කාලය තුලදි සමූහ රක්ෂණය ලබාගෙන ඇති බැව් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා 2024 වර්ෂයේ අගෝස්තු මස 20 වැනිදින සිට 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වැනිදින දක්වා කාලය තුල රුපියල් මිලියනයක සමුහ රක්ෂණාවරණය ක්‍රියාත්මක විය. වත්මන් රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මෙකි සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට පියවර ගනු ලැබිය.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි සංශෝධනය වු රුපියල් දෙලක්ෂ පනස්දහසක සමුහ රක්ෂණාවරණය ඉකුත් වර්ෂයේ (2025) ඔක්තෝබර් මස 09 වැනිදින සිට ක්‍රියාත්මක වේ. එම වටිනාකම සහිත නව රක්ෂණාවරණය Srilanka Insurance Cooperation ආයතනය සමග ගිවිසුම්ගත වි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

