ලංකාවේ පවතින සමස්ත අධිවේගි මාර්ග මුළු දුර කිලෝමීටර් 312.57ක් සඳහා 2025 වසරේ සමස්ත නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90ක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
හිටපු අමාත්‍ය රවී කරුණානයක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම 2025 වර්ෂයේ දෙ සමස්ත අධිවේගී මාර්ගවල ආදායම මිලියන 16330.14ක් බවද බිමල් රත්නායකමහතා සඳහන් කළේය.
ඒ ඒ අධිවේගි මාර්ගවල ආදායම් පහත ලෙස වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 5031.28ක්,
පිටත වට රවුම් මාර්ගයේ ආදායම රුපියල් මිලියන 4347.32ක්,
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 3355.12ක්,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ආදායම රුපියල් මිලියන 2019.45ක්,
මධ්‍යම අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 1576.97ක්.