දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලු පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ. එහි පළමු පියවර ලෙස රටේ ප්‍රාථමික පාසල්වල දරුවන්ට එනම් සිසුන් දාහත් ලක්ෂයකට පෝෂ්‍ය පදාර්ථයෙන් අනූන දියර කිරි ලබාදීමට කටයුතු කිරීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
දේශීය කිරි නිෂ්පාදන හා පරිභෝජනය සංවර්ධනය කිරීම පිළිබඳව ඊයේ (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම උපදෙස් දී තිබේ.
මෙම වැඩපිළිවෙළ තුළින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවමින් මන්ද පෝෂනය පිටුදැකීමට ද හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවක් පත්කර ඒ හරහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
අයිස් කි්රම් ඇතුළු කිරි ආහාර නිෂ්පාදන සඳහා භාවිත කරන ලබන අමුද්‍රව්‍ය නිසි ප්‍රමිතින්ට අනුව යොදාගන්නේ ද යන්න පිළිබඳ වැඩිදුර අවධානය යොමුකළයුතු අතර, එම නිෂ්පාදන සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ලාබදායී අමුද්‍රව්‍ය යොදාගන්නන් පිළිබ`ද සොයා බලා ඒ පිළිබ`ද වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.