2025 වී නිෂ්පාදනය වැඩි වුවත් ඩො.මි. 103ක සහල් ආනයනය කරලා
මෙරට වී නිෂ්පාදනය 2025 වර්ෂයේ දි වි මෙට්‍රික්ටොන් මිලියන 5.01 දක්වා සියයට 6.6කින් වැඩිවි තිබුනද එම වර්ෂය තුල සහල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 103.5ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2024 වර්ෂයට සාපේක්ෂව මෙරට වි නිෂ්පාදනය 2025 වර්ෂයේ දි සියයට 6.6කින් වැඩිවි තිබුණි.2024 වර්ෂයේ මෙරට වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 4.70කි.2024 වර්ෂයේ යල කන්නයට සාපේකෂව 2025 වර්ෂයේ යල කන්නයේ වි නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් 14.6කින් වැඩිවි තිබුණි. කෙසේවුවද මෙරටට සහල් ආනයනය කිරිම සදහා 2024 වර්ෂයේ වැයකොට ඇති මුදලට සාපේක්ෂව 2025 වර්ෂයේ දි වැයකොට ඇති මුදල සියයට 21 කින් වැඩිවි ඇත.
2024 වර්ෂය තුල මෙරටට සහල් ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 85.5ක මුදලක් වැයකොට තිබුණි. ඒ අනුව එම වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුලදි සහල් ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 15ක මුදලක් වැඩිපුර වැයවි ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

