ශ්‍රිලංකන් ගුවන් සමාගමේ ශුද්ධ අලාභය 2025/2026 වර්ෂයේ දි රුපියල් බිලියන 23.2 දක්වා වැඩි වි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
2024/2025 වර්ෂයේ ගුවන් සමාගමේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 7.6කි. ප්‍රධාන වශයෙන් ඉන්ධන පිරිවැය, ගුවන්තොටුපොළ ගුවන් යානා සහ මගි වියදම් සහ නඩත්තු වියදම් ඉහළයාම හේතුවෙන් 2025/2026 වර්ෂයේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 307.1 දක්වා ඉහළගොස් ඇත. ගුවන් යානා ඉන්ධන වියදම රුපියල් බිලියන 91.7 සිට රුපියල් බිලියන 96.1 දක්වා ඉහළ ගොස් ඇත. ණය සේවා බැදිම් සහ විනිමය අනුපාත වෙනස්විම් හේතුවෙන් පැන නගින මුල්‍ය පිඩනයට ගුවන් සමාගමට අඛණ්ඩව මුහුණදිමට සිදුවි ඇත.
කෙසේ වුවද කල්බදු ගුවන් යානා සදහා කුලි මුදල රුපියල් බිලියන 3.6 සිට රුපියල් බිලියන 1.9 දක්වා අඩුවි ඇත. එමෙන්ම ගුවන් යානා ආශ්රිත මුළු ශුද්ධ ආදායම මෙම වර්ණෂය තුල රුපියල් බිලියන 333.5 දක්වා වර්ධනය වි ඇත.