උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා 2025 වසරේ පැමිණි දෙස් විදෙස් සංචරකයිගෙන් රුපියල් කෝටි 200 වාර්තා ගත ආදායමක් උපයා ඇති බැව් නියෝජ්‍ය උද්‍යාන භාරකරු අයි.ටී රජිත මහතා පැවසීය.
2025 වසරේ විදේශීය වැඩිහිටි සංචාරකයින් එක් ලක්ෂ අසූ අට දහස් නවසිය විසිහතරක්,විදේශීය ළමයින් නවදහස් දෙසියය අසූ හතරක්,දේශීය වැඩිහිටියන් එක් ලක්ෂ හැට හතර දහස් හයසිය හැට හතරක්,දේශීය ළමයින් හය දහස් තිස් එකක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් ආදායම ලෙස රුපියල් එකසිය අනූනව කෝටි අනූ පන්ලක්ෂ පමස් හතර දහස් හැට අටක් උපයා ඇත.
2024 වසරේ මුළු සංචාරකයින් තුන්ලක්ෂ දසදහස් තුන්සිය හැත්තෑ එකක් පැමිණ ඇති අතර ලැබී තිබුණ ආදායම රුපියල් එකසිය හැට අට කෝටි විසිපන් ලක්ෂ හැට හයදහස් අටසිය හයකි. මේ අනුව 2024 වසරට වඩා රුපියල් තිස් එක් කෝටි හැට නව ලක්ෂ අසූ හත් දහස් දෙසියය දෙකක වැඩිපුර ආදායමක් උපයා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක