2025 ලංකාවේ වැඩිම තේ අපනයනය ඉරාකයට
ශ්‍රී ලංකාව විසින් ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි තේ කිලෝග්රැම් මෙට්‍රික්ටොන් 174,292ක් අපනයනය කොට තිබු අතර එම මුළු තේ අපනයනයෙන් සියයට 14.92ක් වු වැඩිම තේ අපනයනයක් සිදුකොට ඇත්තේ ඉරාකයට බව වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ශ්‍රිලංකාව විසින් තේ අපනයනය කරණු ලබන ප්‍රධාන රටවල් 20 ඇතුළු අනිකුත් රටවල් සදහා මෙම තේ තොගය අපනයනය කොට තිබුණි.
ඉරාකය වෙත තේ මෙට්‍රික්ටොන් 26,010ක් අපනයනය කොට තිබුණි.දැනට යුද්ධය පවතින ඉරානය වෙත මෙම කාලසිමාව තුල දි අපනයනය කොට ඇත්තේ මුළු තේ නිෂ්පාදනයෙන් සියයට 4.77කි. එනම් තේ මෙට්‍රික්ටොන් 8.314කි. දෙවැනියට වැඩිම තේ අපනයනය කොට ඇත්තේ රුසියාවට වන අතර එය මුළු තේ අපනයනයෙන් සියයට 8.46කි.
කෙසේවුවද ශ්‍රිලංකාව විසින් මෙම කාලය තුලදි යුධ ගැටුම් පවතින මැදපෙරදිග රටවල් වෙත එනම් ලිබියාවට මුළු තේ අපනයනයෙන් සියයට 8.26ක්, එක්සත් අරාබි එමිර රාජ්‍ය වෙත සියයට 7.30ක්, සවුදි අරාබිය වෙත සියයට 3.36ක්, ජෝර්දානයට සියයට 2.15ක්, සිරියාවට සියයට 3.15ක් තේ අපනයනය කොට තිබුණි. යුධ ගැටුම් හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපැමක් සිදුවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
